← Hymns ඇතුල්වීමේ ගී

හිරු නැග එන විට

ආලේලූයියා ///

හිරු නැග එන විට අදුර මැකෙන්නේ
අදුර මැකී කිදු රැස් විහිදෙන්නේ
දිදුලන රැස් ලොව එලිය කරන්නේ
මේ හැම සමිදුගෙ මහිමෙ කියන්නේ

හිරු පායන විට පිණිකැට වියැලේ
පිණිකැට වියැලී අතුරුදහන් වේ
හිරුකැන් ඔප වී ගහ කොළ සරුවේ
මේ හැම සමිදුගෙ මහිමෙ කියන්නේ

හිරු නැග එන විට ගස්වැල් පිබිදේ
ඒ හැම පිබි දී අතු පල බර වේ
අතුපල බර වී බිමට පහත් වේ
මේ හැම සමිදුගෙ මහිමෙ කියන්නේ