← Hymns මෙනෙහි කිරීමේ ගී

සුවඳ දිදී පිපුණ උදේ

පුන ගැයුම:

සුවඳ දිදී පිපුන උදේ සෙව්වන්දියක් වගේ
නිමල බවේ සුවඳින් මා පුබුදනු මැන සමිඳේ

දෙපයට පෑගෙන අවිහිංසක උදුපියළි කොළේ වාගේ
මා අවිහිංසක කළ මැන සමිදුනි ඔඛෙ හදවත වාගේ

හිරු දැකලා ජලයෙන් පිටතට ඇදෙනා නෙලුමක් වාගේ
පාප බවින් මා පිටතට ගත මැන දකිනට වත ඔබගෙ