මිහිරි මැ වේ සිත
මිහිරි මැ වේ සිත ඔබ සිහි කරනා
හදවතෙ නැඟැයේ සොම්නස් උතුරා
ඉමිහිරි කොයි දේටත් වැඩි මිහිරෙ
ඇසුර ඔබේ මට ජේසුනි ළබඳේ
ළතැවෙන්නන් හට සැනැසිලි සඳහා
අයැදින්නන් හට මහ මෙත පිණිසා
සොයනුන් හට ගුණ කඳක් මැ විසිනා
ඇයි හමුවනුනට ජේසුව මැ මදෑ
දෙවිසුරු පුත් පිය ජේසුට වැඩියේ
මනහර කිසිවක් හෙම නෑ ගැයුණේ
කන් පිනවන මොනවත් හෝ ඇසුණේ
පියතර හෝ කිසි නෑ සිතෙ නැගුණේ
දිවෙකින් කියනට පුළුවන්කම් නෑ
අකුරෙන් අඟවා ලන්නට හෙම බෑ
ඇලුනොත් පමණක් ජේසුන් කෙරෙහී
එහි රස පසක්වැ ගත හැකි අදහා
ඔබ මැයි ජේසුනි ඔද තොස හදපේ
මතු එන දවසේ පිළිලබ අපගේ
ඔබ මැ කෙරෙ වේ අපගේ මහිමේ
ගෙවී නොයන්නා හැම කල් තිස්සේ