දෙවිදුන්ගේ වචනේ
පුන ගැයුම:
දෙවිදුන්ගේ වචනේ අපි
මෙනෙහි කරමු උදයේ හවහේ
හාමත, පවස හිතේ
සන්හිඳේ, නිවේ, සුවවේ
සදා සෙනෙහසින් දෙවි සමිඳෝ
ප්‍රේම කලෝ මට ප්‍රේම කළෝ
එසේ හෙයින් හිස් අගාධයෙන්
මා ඇදලා ගොඩටමැ ගත්තෝ
කිතු සමිදුන් තුළ මැරුණු බැවින්
දෙවියන් තුල වෙයි දිවි අපගේ
සමිදරුවාණන් හා සමඟින්
ඇති ඇති සැඟවී එහැම පිටින්
නැගිටැ වදාලෝ කිතු සමිඳෝ
තුන්වැනිදා කී ලෙස එතුමෝ
මැරුණෙමු නම් අපි සමග කිතුන්
ජීවත් වන්නෙමු තුළ එතුමන්