← Hymns පිදීමේ ගී

ජේසුනි මගෙ දිවිය

ජේසුනි මගෙ දිවිය එළියක් කළ මැනව
අඹරෙ දිලිසෙන රිදියෙන් නිමැවුන
නොනිවෙන තරුවක් සේ

පුන ගැයුම:

ඔබගෙ වරම් ලැබ වැඩෙමි මෙමා
සරණ වෙන්න මගෙ සොයුරු සැමා

ජේසුනි මගෙ දිවිය පඩුරක් කළ මැනව
උදයේ පොපියන බඹරුන් රොක්වන
සුවඳැති පියුමක් සේ

ජේසුනි මගෙ දිවිය වරමක් කළ මැනව
සැමහට හිමිවන සගයට ගෙන යන ඔඛෙ පෙම්
තිළිණක් සේ

ජේසුනි මගෙ දිවිය පිදුමක් කළ මැනව
පව්දොස දුරලන ජීවය ගෙන දෙන කුරුසියෙ
යාගය සේ