← Hymns මෙනෙහි කිරීමේ ගී

එළිය ඔබ මගේ

පුන ගැයුම:

එළිය ඔබ මගේ මගෙ පිළිසරණේ
කාට බියේ සිටිම් ද මම් සමිදුණේ
මගේ ජීවිතේ බලකොටුව ඔබේ
එබී හිඳිම් කා ඉදිරියේ හිමි සඳේ

මට හතුරුවැ කඳවුරු බැඳ සිටියත් හමුදා
නෑ සැලෙන්නෙ හදවත මගෙ බියෙන් මිරිකිලා
යුද සේනා නැඟැ සිටිතත් මා තැති ගන්වා
ඇදැහිලි සිත මගෙ කොහෙත්මැ නොයයි පිරිහිලා

අයැදුම් මම් එක වරයක් ඔඛෙන් සමිදාණේ
එය මැ පතා සුසුම් හෙලම් හිමිපා සදාණේ
අවසර මට දෙන්නැ මගේ ජීවිත කාලේ
සියලු දවස් ගෙවා ඉන්න ඔබේ නිවහනේ

සොයනෙමි මම් මුහුණ ඔබේ අනේ සමිදාණේ
ඔබේ මුහුණ මගෙන් අනේ සඟව නොගන්නේ
උදහස පා ඔබේ ගැත්ත පිටු නොදකින්නේ
කවදාටත් ඔබයි මගේ පිළිසරණෙ වුණෙ

අත්හැරැ මා දමනු එපා පිළිකෙව් කැරැලා
අනේ දෙවියනේ ඔබ මගෙ ගැලැවුම් කරුවා
පියා මගේ අම්මා හෝ එපා කළත් මා
සමිදුනි ඔබ නෑ ඉන්නේ බාර නොගෙනැ මා

සමිදුන් ගුණ කඳ දයාව දකිම් සහතිකේ
දිවමන් ජනතා ඉන්නා රටේ ඔබැ සුරෙ
පතා සිටිම් එකක් හිතින් දිරි වඩා හිතේ
නොවක් සිතින් අදහ සිට්ව් හිමි සදුන් කෙරෙ