අළුත් ඉරක් පායලා
පුන ගැයුම:
අළුත් ඉරක් පායලා
අළුත් දිනක් උදාවෙලා
කුරුළු ගීත සිසිල් සුළං
රැළි අතරෙ පාවෙලා
හරි ලස්සන මෙවන් දිනක්
සිත් සනසන මෙවන් දිනක්
ඔබයි අපට උදාකරන්නේ සමිදුනේ
මෙදින මගේ වැඩ සියල්ල
සතුටු සිනා කදුළු මෙන්න //
ඔබ හට බාරයි - සමිෙඳ
ඔබ හට බාරයි
රටට සෙතක් උදා වෙන්න
ඒ වෙනුවෙන් වෙහෙස වන්න //
උදව් දෙනු මැනේ - සමිෙඳ
උදව් දෙනු මැනේ
දවස ගෙවී වැඩ වරන්න
වෙහෙස මැදින් තුති පුදන්න
රකිනු මැනවි මා - සමිෙඳ
රකිනු මැනවි මා